වෛද්‍ය නිහාල් අබේසිංහට පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාවක මුල් පුටුව

සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ තේරී පත්ව තිබෙනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති දසවනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදු වුණා.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළවී තිබුණා.

ඒ, අනුව සභාපති ධුරය සඳහා වෛද්‍ය නිහාල් අබේසිංහගේ නම ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලිී ගුණසිංහ විසින් ස්ථිර කළා.

සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වුණා.