වෛද්‍ය නවීන් ද සොයිසාගේ නිවස හොරු කඩයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසාගේ නිවස හොරු කඩා ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වෛද්‍ය නවීන් ද සොයිසා මේ වනවිට විදේශ ගතව සිටින බවත්, ඔහුගේ නිවසේ රැඳී සිටින පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

කිසියම් ආයුධයක් යොදා නිවසේ ඉදිරිපස දොර ගලවා ඇතුළු වී ඇති අතර වෛද්‍යවරයා විදෙස් ගතව සිටින බැවින් සොරකම් කර ඇති දෑ පිළිබඳව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

නිවසේ සිසිටීවී කැමරා කිහිපයක් සවිකර ඇති බැවින් එම දර්ශණ උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියකරන බව පරීක්ෂණ සිදුකරන නිලධාරීන් පවසනවා.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරික්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14