වෛද්‍යවරුන්ගේ වාහනවල ලාංඡන ඉවත් කරන්න තීරණයක් නැහැ – නලින්ද ජයතිස්ස

නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර එවැන්නක් සිදු කිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බව බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.