වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රන් භාණ්ඩ වංචා කළ දෙදෙනකු රිමාන්ඩ්

කොළඹ ජාතික රෝහලේ හා දිවයිනේ විවිධ රෝහල් තුළ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රන් භාණ්ඩ වංචා කිරීම් රැසක් සිදු කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා.

එහිදී ප්‍රධාන සැකකරු ලබන පෙබරවාරි මස 03 දක්වා ද දෙවන සැකකරු අද දින (29) දක්වා ද රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පසුගිය 26 වන දින කොළඹ ජාතික රෝහලේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පුද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් රෝහල තුළට අනවසරයෙන් ඇතුළු වී ඇති පුද්ගලයෙකු අල්ලාගෙන ඇති බවට මරදාන පොලිසියට ලැබුණු දුරකතන පණිවුඩයක් අනුව ප්‍රධාන සැකකරු සහ සොරබඩු බැහැර කිරීමට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ප්‍රධාන සැකකරු ලෙස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ලිපිනයේ පදිංචි පුනම් ක්‍රිස්තෝම්බුගේ ශෂික මධුසංක සහ තවත් සැකකරුවෙක්.

සැකකරුවන් සන්තකයේ තිබී කුඩා රන් කැබලි 04ක් ඇතුළු භාණ්ඩ අධිකරණ භාරයට පත් කර තිබෙනවා.

පළමු සැකකරු විසින් රෝහල් ගණනාවක දී මෙවැනි සොරකම් 13ක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වී ඇති අතර කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ඔහුට විරුද්ධව නඩුකරයක් පවතින බවට ද, අනාවරණය කරගනු ලැබුවා.

AMIS දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරු 2021.10.17 වන දින අවිස්සාවේල්ල 2018,00.26 වන දින මාතර පොලිස් ස්ථාන මගින් ද 2017.02.12 වන දින මහනුවර පොලිසියෙන් ද, 2018.07.18 වන දින කොල්ලකෑමක් සම්බන්ධයෙන් දඹුල්ල පොලිස් ස්ථානය මගින් ද 2020.08.15 වන දින පිටිපන පොලිස් ස්ථානය මගින් යම් වරදක් සඳහා ද අත්අඩංගුවට ගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර මෙම සැකකරු අශේන් සිල්වා, ශෂික අශේන් ද සිල්වා යන නම්වලින් ද පෙනී සිට ඇති අයෙකු බවට තොරතුරු විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බව අධිකරණයට දැනුම්දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56