‘වේ ප්‍රෝටීන්’ බෝතල් අස්සේ සැඟවූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු දැලේ (ඡායාරූප)

කායවර්ධන ක්‍රීඩකයින් ශක්ති වර්ධකයක් ලෙස භාවිත කරන ‘වේ ප්‍රෝටීන්’ අඩංගු බෝතල් තුළ අසුරා මෙරටට ගෙනවිත් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (28) සොයාගනු ගනු ලැබුවා.

ගුවන් තැපැල් පාර්සල් සේවය ඔස්සේ සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වෙත එවා තිබිය දී මෙම මත්ද්‍රව්‍ය බහාලූ ‘වේ ප්‍රෝටීන්’ බෝතල් 13 එම නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 117ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 30ක ප්‍රමාණයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මත්ද්‍රව්‍ය බහා ලූ බෝතල් කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කඩවත සහ කොළඹ පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබූ බවයි අනවරණය වී ඇත්තේ.

මෙම පාර්සල් මීට මාසයකට පමණ පෙර මෙම පෞද්ගලික බන්ධිත ගුදම වෙත ලැබී තිබූ අතර, ඒවා භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට පියවර ගෙන තිබුණා.

මෙම “වේ ප්‍රෝටීන’ බෝතල්වල සදහන් බරට වඩා වැඩි බරක් පැවතීම හේතුවෙන් ඒවා විවෘතකර පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33