spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වේත්‍රධාරීවරයා විශ්‍රාම ගනී

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සොයා සේවා කාලය අවසන්ව ලබන 30 වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා.

මේ අතර ඔහුගේ සේවය ඇගයීම වෙනුවෙන් ලබන 24 වනදා පාර්ලිමේන්තුවේ කටයුතුවලින් පැයක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බවයි අප කළ විමසීමක දී පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර 40ක් වන අතර ඔහු 2018 වසරේ සිට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී තනතුරේ කටයුතු කරනු ලබනවා.

පාර්ලිමේන්තුවේ බලාධිකාරය සංකේතවත් කරන “සෙංකෝලයේ” භාරකාරිත්වය වේත්‍රධාරීවරයා විසින් හොබවන අතර, සභාව තුළ දී මූලාසනය විසින් දෙනු ලබන නියෝගයන් ක්‍රියාත්මක කරනු ලබන නිලධාරියා ද ඔහුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?