වේග බට්ටාට වෙඩි තැබීමේ සිද්ධියට සංගීත කණ්ඩායමක ගායකයෙකු අත්අඩංගුවට

වැලිවේරිය – ජුබිලි මාවතේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මාදෙල්ගමුවේ ‘වේග බට්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුවේ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (03) ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබුණා.

මෙම සැකකරු විසින් වෙඩික්කරුවන්ට අපරාධය සිදුකිරීම සඳහා යතුරුපැදිය ලබාදී ඔවුන්ට ආධාර අනුබල ලබාදී ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

සැකකරු මීගමුව – සමෘද්ධිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහුගේ ජංගම දුරකථනය ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන එහි දත්ත ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු දැනට විදේශයක සැඟව සිටින ‘කිරි පුතා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ගෝලයකු වනවා.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි නුවන් රන්ජන් හෙවත් ‘වේග බට්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයාට පසුගිය අගෝස්තු මස 05 වනදා මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

පස් කැපීමේ සිද්ධියක් මුල් කරගෙන ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවයි පොලීසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14