වෙළඳසැල්වල ගෑස් සඟවනවානම් පාරිභෝගිකයින් කළ යුතු දේ

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ ‘1977’ හදිසි අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඉල්ලා සිටිනවා .

ගෑස් මිල ඉහළ යනු ඇතැයි සිතා මේ වනවිට වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ ගෑස් සිලින්ඩර් ඇතැමුන් සඟවා සිටින බවට තොරතුරු ලැබෙමින් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ