වෙළඳපොළේ හොර මත්පැන් බෝතල්වල අඩුවක් – රංජිත් සියඹලාපිටිය

ආරක්ෂිත ස්ටිකර් රහිත මත්පැන් බෝතල් ලක්ෂ 49ක් පමණ පසුගිය වකවානුවේ දී වෙළඳපොළට නිකුත් කිරීමත් සමඟ රජයට බදු ආදායම අහිමි වීමක් සිදුනොවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආරක්ෂිත ස්ටිකර් නොමැති මත්පැන් බෝතල් ලක්ෂ 49ක් වෙළඳපොළටනිතුක්වීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කළ විගණන වාර්තාවේ කරුණු සඳහන්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

මේ අතර අඛණ්ඩව සිදුකරන වැටලීම් හේතුවෙන් වෙළඳපොළ තුළ ඇති ව්‍යාජ මත්පැන් බෝතල් විශාල වශයෙන් අවම වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම වැටලීම්වලින් සොයාගත් 43,0000ක පමණ ව්‍යාජ මත්පැන් බෝතල් වලින් උපරිම දඩ මුදලක් නියම කිරීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව එලෙස දඩ නියම කිරීම මඟින් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයාගත් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48