spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙළඳපොළේ සීනි මිල තවත් උඩ යන ලකුණු

මේ වනවිට වෙළඳපොළ තුළ සීනි කිලෝවක් රුපියල් 265ත් 300ත් අතර මිලකට අලෙවි වෙනවා.

කෙසේ වෙතත් වෙළඳපොළේ සීනි මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන් පවසනවා.

තායිලන්තයෙන් සීනි ආනයනය කිරීමට සිදු වුවහොත් මෙලෙස වෙළඳපොළ තුළ සීනි මිල ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ, අනුව සීනි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ යා හැකි බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

ඉන්දියාව විසින් ජාත්‍යන්තර වෙළඳපොළට සීනි ඇතුළු තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් අපනයනය නතර කිරීම හේතුවෙනුයි වෙළඳපොළේ සීනි මිල ඉහළ යාමක් වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?