වෙස්වලා ගත් පෙරකදෝරු නෝනා සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ප්‍රබල පාතාල කල්ලි නායක ගනේමුල්ලේ සංජීව නැතහොත් සංජීව කුමාර සමරරත්න යන අය ව වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ඇරඹී තිබෙන සැකකාර කාන්තාව නීතියේ රැහැනට කොටුකර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය පතනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් අදාළ සැකකාරිණියගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඇය ඊයේ දිනයේ දී අපරාධය සිදු වූ අධිකරණ පරිශ්‍රයට පැමිණ ඇත්තේ ද නීතිඥවරියකගේ වෙස්ගෙන බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

වෙඩික්කරු හිස් අතින් නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන අධිකරණයට පැමිණ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන් අසුන්ගෙන සිටින ස්ථානයේ අසුන්ගෙන සිටීමට පෙර සැකකාරිණිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය නමැති පොත තුළ සූක්ෂ්ම ව එහි පිටු කපා බහාලු රිවෝල්වරයා සඟවා වෙඩික්කරු හට ලබා දී තිබෙනවා.

මෙම සැකකාරිණිය නමින් පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති 25 හැවිරිදි වියෙහි පසුවන කටුවැල්ලේගම, ජය මාවත ප්‍රදේශයේ මීගමුවේ පදිංචිකාරිණියක්.

ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591727 යන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට හෝ 071-8591735 යන කොළඹ අපාරධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සැකකාරිණිය ගැන නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයාගේ අනන්‍යතාව සහ රහස්‍යභාවය රැකීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවත් ඔහුට හෝ ඇයට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය නිවේදනයෙ සඳහන්.

මෙරට දී ඝාතන 19කට සෘජු සම්බන්ධයක් ඇති බවට හෙළි ව තිබෙන මියගිය ගනේමුල්ල සංජීව සහ මේ වනවිට ඩුබායි හි සැඟවී සිටින පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පත්මේ සහ බටුවත්තේ චාමර නමැති අපරාධකරුවන් විසින් අදාළ ඝාතනය මෙහෙයවා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48