වෙන්නප්පුවේ වෙඩි තැබීමක් – කතකට හා පිරිමි පුද්ගලයෙකුට තුවාල

අද (07) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ වෙන්නප්පුව, කිඹුල්ගාන ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

මේ වනවිට ඔවුන් මාරවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවා.

මෙම වෙඩි තැබීම් එක් අයෙකු විසින් පැමිණ සිදු කර පලා ගොස් ඇති බවත් වෙඩි තැබීමට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නැති බව ද පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.