සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම සැකකරු විසින් තිබූ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියාට අවසන් ගෞරව දැක්වීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (13) ඔහුගේ නිවසට පැමිණියා.
එහිදී එම පොලිස් නිලධාරියාගේ ඥාතීන් වෙත රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කළා.
මේ අතර ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන්වරයා උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට ද පොලිසිය කටයුතු කරනු ලැබුවා.
පසුගිය සෙනසුරාදා (10) අලුයම් කාලයේ මල්වතුහිරිපිටය, බටේපොල ප්රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු සමඟ වූ පොරබැදීමක දී සැකකරු විසින් සිදුකළ වෙඩි තැබීමකින් මෙම පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ය් වුණේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටිය දීයි.




















