spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුච්චවේලි ප්‍රදේශයේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් රෝහලට

ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

කැලෑ ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බවයි කුච්චවේලි පොලීසිය සඳහන් කළේ.

අවුරුදු 17 සහ 21 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනාගේ පාදවලට වෙඩි වැදී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?