spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

වවුනියාව,පාලමොටෙයි ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් මියගිය බවට සැක කෙරෙන තරුණයෙකුගේ මළ සිරුරක් අද (29) අලුයම සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ ඕමන්ත, වෙප්පන්කුලම් ප්‍රදේශයේ ගෙවතු වගා කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති බවයි.

ඔහු ගෙවතු වගා කරමින් සිටි ස්ථානයේ සිට මීටර් 100ක් පමණ දුරින් තිබී මළ සිරුර හමුවී ඇති අතර, තරුණයාගේ ශරීරයේ වෙඩි සලකුණක් පවතින බව ද පොලිසිය සඳහන් කර තිබෙනවා.

තරුණයාගේ මරණය සිය දිවි නසාගැනීමක් ද ? ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව රෝහලට යොමු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?