වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ සීතා ඇතින්න යළි ගෙදරට (වීඩියෝ)

වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි මහරගම සීතා ඇතින්න වෛද්‍ය උපදෙස් මත යළි මහරගම ප්‍රදේශයට රැගෙන යාමට ඊයේ (18) පස්වරුවේ කටයුතු කළා.

මහියංගනය පෙරහැර අවසන්ව බැඳ සිටිය දී සීතා ඇතින්න වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබීමෙන් පසු මහනුවර රණවන
ප්‍රදේශයේ රඳවාගෙන ප්‍රතිකාර කටයුතු සිදුකරන ලැබුවා.

මේ අතර සීතා ඇතින්නට සාධාරණය ඉෂ්ඨ කරගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයකට හෝ යාමට තමා පසුබට නොවන බව ඇතින්නගේ හිමිකරු එස්.එම්.රොෂාන් පවසනවා.

තවදුරටත් අදහස් පළ ඇතින්නගේ හිමිකරු එස්.එම්.රොෂාන්,

“ඇතින්නට වනජීවී නිලධාරීන් වෙඩි තියලා දැන් දින 20 කට ආසන්නයි. මේ දවස් ඇතුළත ඇතින්න එක මොහොතක්වත් නිදාගත්තේ නෑ, වෛද්‍යවරු කියන්නේ ඒක ඇගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි කියලා. මේ නිදි නොලැබීම නිසා සතාගේ උදරය ඉදිමීමට ලක් වෙලා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාල පසු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු කණ්ඩායම සතාට හැකි උපරිම ප්‍රතිකාර කරනවා. නමුත් ඒ අය කියන්නේ සතාගේ පෙනහැල්ලේ තවත් වෙඩි උණ්ඩ තිබිය හැකියි කියලයි. ඒ තත්ත්වය නිශ්චිතව පැවසීම සඳහා ලංකාවේ කිසිම ක්‍රමවේදයක්, උපකරණයක් හෝ ප්‍රතිකාරයක් නෑ. ඇතින්න මේ අවාසනාවන්ත තත්ත්වයට පත් කළ වනජීවියේ නිලධාරීන් මේ දක්වා සතා වෙනුවෙන් කිසිදු හෝ දෙයක් කරලා නෑ. ඒ අය වගකීමෙන් මිදෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අය පොලිසිය වගේම අධිකරණය පවා රැවටීමට ලක් කළා. රබර් උණ්ඩ භාවිත කරලා වෙඩි තැබීම සිදුකළා කියලා. නමුත් දැන් ඔවුන් ජීව උණ්ඩවලින් වෙඩි තිබ්බ බව ඔප්පු වුණා. තවදුරටත් මේ අය බොරුකියමින් වගකීමෙන් මිදෙන්න හදනවා නම් මම මට වූ අසාධාරණයට සාධාරණයක් ඉෂ්ඨ කරගැනීම සඳහා යා යුතු ඉහළම තැනටම යනවා.ජාත්‍යන්තර අධිකරණයකට වුණත් යන්න මම සූදානම්.”

මෙම අවස්ථාවේ දී අදහස් පළකළ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න,

“වෙඩි වැදුණු හීලෑ අලියකුට ප්‍රතිකාර කරන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙවන් අත්දැකීමක් මීට පෙර කිසිඳු අලි ඇතුන් හිමියෙකුට නොමැති බවත් මේ වන විට ඇතින්නගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බවත් වෛද්‍ය උපදෙස් මත ඇය වාසය කළ නිත්‍ය ගාල වෙත ප්‍රවාහනය කිරීම සිදු වුණා.ඇතින්න යම් තරමකට හෝ සාමාන්‍ය ආකාරයෙන් හැසිරෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48