වෙඩි තැබීමකින් හෝටල් හිමිකරුවෙකුට තුවාල

වැලිගම මිදිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද සවස 6.15ට පමණ මිදිගම ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු එම හෝටලය ඉදිරිපස නතර කර තිබූ යතුරුපැදියක සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ටී. 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පාතාල කල්ලි සාමාජිකයෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා යන සැකකරුගේ සමීපතමයන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් වෙඩි තැබීම සිදු කළේ කවුරුන් ද යන්න මෙතෙක් හෙළි වී නැහැ.

අද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 31 හැවිරිදි හෝටල් හිමිකරු ඉලක්ක කර පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස 22 වනදා ද වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී ඔහුගේ සහෝදරයාට තුවාල සිදුවී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14