වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

අවිස්සාවේල්ල වෑවිල ප්‍රදේශයේ දී නාඳුනන පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ 66 හැවිරිදි දෙදරු මවක්.

මුහුණ වැසෙන සේ ඇඳුමක් හැඳ පැමිණි අයෙකු නිවසේ තනිව සිටි වයෝවෘධ කාන්තාව බිය කර රුපියල් 50,000ක මුදලක් ලබා ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේ වෙඩි තැබීම සිදුවී තිබෙනවා.

ඊයේ (20) රාත්‍රී 8ට පමණ නිවස ඉදිරිපිටට පැමිණි නාඳුනන පුද්ගලයෙකු ගිනි අවියක් එල්ල කර වයෝවෘද්ධ කාන්තාවට දොර අරින ලෙස තර්ජනය කර ඇති අතර එලෙස කෑගසන පුද්ගලයා කවුදැයි සොයා බැලීම සඳහා ඇය ජනේලයෙන් පිටත බැලීමේදී එම පුද්ගලයා දැක ඇතැයි සඳහන්.

රුපියල් 50000ක් දෙන්න බැරිනම් 20000 දීපන් යනුවෙන් පවසමින් සැකකරු දොරට පහර දීමේදී එය විවෘත වී වේ යැයි බියෙන් දොර අසලට ගොස් එය අල්ලාගෙන සිටීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරුව එම කාන්තාව තම ඥාතියෙකු ට දුරකථනයෙන් මේ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ඇයව රෝහල් ගත කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරය මෙම කාන්තාවගේ උදරයේ වම්පසට එල්ල වී ඇති අතර ඇය ශල්‍යකර්මයකට ද ලක් කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති අතර අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14