spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

අවිස්සාවේල්ල වෑවිල ප්‍රදේශයේ දී නාඳුනන පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ 66 හැවිරිදි දෙදරු මවක්.

මුහුණ වැසෙන සේ ඇඳුමක් හැඳ පැමිණි අයෙකු නිවසේ තනිව සිටි වයෝවෘධ කාන්තාව බිය කර රුපියල් 50,000ක මුදලක් ලබා ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේ වෙඩි තැබීම සිදුවී තිබෙනවා.

ඊයේ (20) රාත්‍රී 8ට පමණ නිවස ඉදිරිපිටට පැමිණි නාඳුනන පුද්ගලයෙකු ගිනි අවියක් එල්ල කර වයෝවෘද්ධ කාන්තාවට දොර අරින ලෙස තර්ජනය කර ඇති අතර එලෙස කෑගසන පුද්ගලයා කවුදැයි සොයා බැලීම සඳහා ඇය ජනේලයෙන් පිටත බැලීමේදී එම පුද්ගලයා දැක ඇතැයි සඳහන්.

රුපියල් 50000ක් දෙන්න බැරිනම් 20000 දීපන් යනුවෙන් පවසමින් සැකකරු දොරට පහර දීමේදී එය විවෘත වී වේ යැයි බියෙන් දොර අසලට ගොස් එය අල්ලාගෙන සිටීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරුව එම කාන්තාව තම ඥාතියෙකු ට දුරකථනයෙන් මේ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ඇයව රෝහල් ගත කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරය මෙම කාන්තාවගේ උදරයේ වම්පසට එල්ල වී ඇති අතර ඇය ශල්‍යකර්මයකට ද ලක් කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති අතර අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?