spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි තැබීමකට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් හමුවෙයි

බලපිටිය ප්‍රදේශයේදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට වෙඩි තැබීමට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් මාර්ගයේ අතහැර දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

බෙන්තර රවුම් පාරේ දමා ගොස් තිබූ මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මෙම යතුරුපැදියේ ඉදිරිපස රුධිරය තැවරී ඇති ආකාරය දක්නට ලැබෙන බව ද සඳහන්. පොලිස් නිල සුනඛයෙකු ද යොදවා මෙම යතුරුපැදිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

මෙය කඳාන ප්‍රදේශයෙන් සොරකම් කළ එකක් බවට ද හෙළිවී තිබෙනවා.

අම්බලන්ගොඩ සහ බෙන්තර පොලිස් ස්ථාන මගින් මේ පිළිබඳ විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?