වෘත්තීය ⁣ගරුත්වය කෙලෙසූ නීතිඥවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

වෘත්තීය ආචාර ධර්ම හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් උල්ලංඝනය කරමින් වෘත්තීය ⁣ගරුත්වය කෙලසමින් විෂමාචාර ක්‍රියාවල නිරත වි⁣මේ වරදට කරනු ලැබූ නීතිඥවරයෙකු මින් ඉදිරියට නීතිඥ වෘත්තියේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරයි.

සරත් ද සිල්වා නැමති එම නීතිඥවරයාට එරෙහිව නඩු පවරනු ලැබූ අගතියට පත් දිවුලපිටිය උල්ලපල ශ්‍රී චන්දානන්ද හිමිපාණන් හට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස ද වගඋත්තරකාර නීතිඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළා.

එකී වන්දි මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස ද එස්.තුරෙයිරාජා, අචල වෙන්ගප්පුලි, කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවා.

එම නීතිඥවරයාගේ නම නීතිඥ නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙස අදාළ බලධාරීන්ට ලිඛිත දැනුම්දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ද නියෝග කළා.

කුරුණෑගල මහාධිකරණයේ හා මිනුවන්ගොඩ දිසා අධිකරණයේ පැවති නඩු දෙකක් සම්බන්ධයෙන් අගතියට පත් ස්වාමීන් වහන්සේගේන් රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කිරීමේ චෝදනාවට එම නඩුව පවරා තිබුණා.

නීතිඥ නගිතා වීරසේකර මහත්මිය වවගඋත්තරකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ චතුරිකා ඇල්විටිගල මෙනවිය සමඟ ජනාධිපති නිතිඥ රොහාන් සහබන්දු නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නයෝමි කහවිට මහත්මිය පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11