වෘත්තීය ⁣ගරුත්වය කෙලෙසූ නීතිඥවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

වෘත්තීය ආචාර ධර්ම හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතින් උල්ලංඝනය කරමින් වෘත්තීය ⁣ගරුත්වය කෙලසමින් විෂමාචාර ක්‍රියාවල නිරත වි⁣මේ වරදට කරනු ලැබූ නීතිඥවරයෙකු මින් ඉදිරියට නීතිඥ වෘත්තියේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරයි.

සරත් ද සිල්වා නැමති එම නීතිඥවරයාට එරෙහිව නඩු පවරනු ලැබූ අගතියට පත් දිවුලපිටිය උල්ලපල ශ්‍රී චන්දානන්ද හිමිපාණන් හට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස ද වගඋත්තරකාර නීතිඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළා.

එකී වන්දි මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස ද එස්.තුරෙයිරාජා, අචල වෙන්ගප්පුලි, කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවා.

එම නීතිඥවරයාගේ නම නීතිඥ නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙස අදාළ බලධාරීන්ට ලිඛිත දැනුම්දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ද නියෝග කළා.

කුරුණෑගල මහාධිකරණයේ හා මිනුවන්ගොඩ දිසා අධිකරණයේ පැවති නඩු දෙකක් සම්බන්ධයෙන් අගතියට පත් ස්වාමීන් වහන්සේගේන් රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කිරීමේ චෝදනාවට එම නඩුව පවරා තිබුණා.

නීතිඥ නගිතා වීරසේකර මහත්මිය වවගඋත්තරකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ චතුරිකා ඇල්විටිගල මෙනවිය සමඟ ජනාධිපති නිතිඥ රොහාන් සහබන්දු නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ නයෝමි කහවිට මහත්මිය පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19