වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

ලබන 15 වැනිදාට පෙර තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබෙනවා.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන බවටයි උසස් අධ්‍යාපන, වෛද්‍ය, බැංකු, වරාය සහ අනෙකුත් ක්ෂේත්‍රවල ඉහළ ආදායම් ලබන රාජ්‍ය සේවකයින් අනතුරු අඟවා ඇත්තේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ (FUTA) මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ ඊයේ කියා සිටියේ රජය මාර්තු 15 වනදා වන විට තීරණයක් ගත යුතු වන අතර එසේ නොමැතිනම් ජලය හෝ විදුලිය ලබා නොදෙන අතර විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු වෙනුවෙන් ද එක් නොවන බවයි.

සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින ඔහු කියා සිටියේ වෘත්තීය සමිති තවමත් සාකච්ඡාවට විවෘත බවයි.

පසුගියදා මෙරට පැවැති වෘත්තීය සමිති විරෝධතා පිළිබඳව අදහස් දැක්වූ ඉලංගසිංහ මහතා, “මේක තමයි අපි ක්‍රියාවිරහිත කළ පළමු ස්විචය. අපි සෑම දිනකම නව ස්විචයක් ක්‍රියා විරහිත කරන අතර 15 වන දින ප්‍රධාන ස්විචය ක්‍රියා විරහිත කිරීමට කාලය පැමිනෙණු ඇති.”

මේ අතර, ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පැවසුවේ, තම සංගමය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සංගම් හතරක් මෙම ප්‍රචාරණ ව්‍යාපාරයට සහභාගී වන බවයි.

මේ අතර ලබන සඳුදා (13) වනදා සිට අදියර කිහිපයක් යටතේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පළමු අදියර යටතේ ලබන සඳුදා පළාත් 4ක වැඩ වර්ජනයේ නිරත වීමටයි තීරණය කර ඇත්තේ.

සඳුදා වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ නිරත වන පළාත් වන්නේ බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර හා දකුණයි.

අද පැවති හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් ඉහළ නැංවූ බදු වලට එරෙහිව මෙම පියවර ගන්නා බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26