වී වගාව වෙනුවෙන් කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ගන්නා යන තීරණාත්මක තීරණය

මෙවර මහ කන්නයට පමණක් වී වගාව වෙනුවෙන් රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසුවේය.

පොහොර උපදේශන කමිටුව,කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වැවිලි අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත්,ඒ අනුව වී වගාව සහ වැවිලි භෝග සඳහා අවශ්‍ය රසායනික පළිබෝධනාශක ප්‍රමාණය දළ වශයෙන් නිශ්චිත කරගත් බවත් ඇමැතිවරයා කීවේය.

මේ අනුව අඩු සැරකින් යුතු වල් නාශක, කෘමි නාශක සහ පළිබෝධනාශක යම් ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් කීපයකට නිර්දේශ ලබාදුන් බවද ඔහු කීවේය.

මේ සඳහා කැබිනට් අනුමැතිය ඉක්මණින් ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.

මේ පිළිබදව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ අවශ්‍යතාවයමත පදනම්ව සුළු ප්‍රමාණයක් පමණක් ගෙන්වීමට කටයුතු කරන බවය.

රටේ කාබනික වගාව කරගෙන යද්දී යම් විශාල හානියක් සිදුවුවහොත්,එය පාලනය කිරීමට ප්‍රයෝජනයට ගැනීමට මේ රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48