වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනම් පියවර – කෘෂිකර්ම ඇමති

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් මුදල් වෙන්කර නොමැති බැවින් මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල්වලින් වී යම් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම තත්ත්වය තුළ ගොවීන්ට අපේක්ෂිත මිල නොලැබීම හේතුවෙන් වී අලෙවි කිරීමට උනන්දු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ගැටලුවලට පිළිතුරු ලබාදෙමින්.

වී මිලදී ගැනීම සඳහා නියම කර ඇති අවම මිලට වී මිලදී ගත්ත ද එම මිලට වඩා අඩු මිලකට සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලයට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට පියවර ගන්නා බවයි ඔහු දැනුම් දුන්නේ.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ගොවීන් අනෙකුත් ප්‍රදේශවලට පෙර කන්නය ආරම්භ කරන බැවින් වැඩි මිලට පොහොර මිලදී ගැනීමට සිදුව ඇති බව එම ප්‍රදේශවල මන්ත්‍රීවරු පෙන්වා දී තිබෙනවා.

කන්නය තීරණය කිරීම සඳහා පැවැත්වෙන කන්න රැස්වීමේදී කන්නය ආරම්භ කරන දිනය පොදුවේ තීරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර මේ අනුව සමස්ත දිවයිනටම බලපාන පරිදි කන්නය ආරම්භ වන දිනය පිළිබඳව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි මහින්ද අමරවීර මහතා කියාසිටියේ.

එමෙන්ම බිත්තර නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් බිත්තර මිල ඉහළ මට්ටමක පවතින බවත් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල අඩුවිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14