වී ගොවීන්ගේ ගැටලු විසඳීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සැකසීමට සාකච්ඡාවක්

වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද, අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වා දුන් පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත වී ගොවීන් මෙන්ම සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බව සඳහන් කළා.

ගොවියා, රාජ්‍ය නිලධාරියා සහ දේශපාලනඥයා තවදුරටත් බෙදී කටයුතු නොකළ යුතු බවත්, මින් ඉදිරියට සියලු පාර්ශ්ව එක්ව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සහල් ආනයනය සීමා කිරීම අරමුණු කරගෙන වී නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සහ වී මිලදී ගැනීමේ මිල ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, නිෂ්පාදන පිරිවැය අවම කරමින් සහ ගොවියා ආරක්ෂා කර ගනිමින් පාරිභෝගික ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහල් සහන මිලට ලබාදීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා.

එමෙන්ම පොහොර සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ලෝක වෙළෙඳපොළෙහි තත්ත්වය ද සැළකිල්ලට ගෙන පොහොර සහනාධාර මිල තීරණය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණු අතර, ගබඩාකරණය, වී වේලා ගැනීම ඇතුළු නිෂ්පාදන කාර්යයන් සම්බන්ධයෙන් ගොවින්ගේ පහසුකම් වැඩිදියුණු කිරිමට ගත හැකි පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ඉදිරියේදී නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම වැනි තීන්දු තීරණ ගැනීමේදී දිස්ත්‍රික් මට්ටමින් යෙදවුම්වල නිෂ්පාදන පිරිවැය සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසත්, එම සාධකයද සලකා බලා වීවලට ලබා දෙන සහතික මිල තීන්දු කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී ලාල්කාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වී ගොවීන්ට අවශ්‍ය බීජ සහ පොහොර සහනාධාර ඇතුළු පහසුකම් ලබා දී තිබෙන්නේ රාජ්‍ය සේවයට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කර නොමැති කාලයක බවත්, රාජ්‍ය ආයතනවලට, නිලධාරීන්, අවශ්‍ය වාහන සහ යන්ත්‍රෝපකරණ ලබා ගැනීම මෙන්ම අදාළ ක්ෂේත්‍රවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට අවශ්‍ය පියවර ගත යුත් බවත් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

තමන් මුහුණ දී තිබෙන ගැටලු විසඳීමට පළමු වතාවට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව මැදිහත් වීම පිළිබඳ මෙහිදී රජයට ස්තූතිය පළ කළ ගොවීන්, වී ගොවීන් මුහුණ දී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41