spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වී ගොවිතැන ආශ්‍රිතව හඳුනා නොගත් පණු විශේෂයක් (වීඩියෝ)

දිවයිනේ ප්‍රදේශ රැසක වී ගොවිතැන ආශ්‍රිතව හඳුනා නොගත් පණු විශේෂයක් පැතිර ඇති බව ගොවීන් පවසනවා.

ගොවීන් ඉල්ලා සිටිනේ මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සාමාන්‍ය කොළ හකුළුවන දළඹු විශේෂයේ පැතිරීමක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

පොළොන්නරුව, අනුරාධපුර, කුරුණාගල සහ මහවැලි ප්‍රදේශවල වී ගොවිතැන ආශ්‍රිතව මෙම පණු රෝගය පැතිර යමින් ඇතැයි ගොවීන් පවසනවා.

රෝගය හේතුවෙන් වී වගාවට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.මෙම පණු විශේෂය ගොයම් පත්‍ර තුළ රැඳී සිටිමින් එහි යුෂ උරා බීම හේතුවෙන් ගොයම් ගසේ පත්‍ර සුදු පැහැ ගැන්වී විනාශ වනවා.

මෙම ගැටළුව පිළිබඳව සොයා බැලීම සඳහා බතලගොඩ වී පර්‍යේෂණ ආයතනයේ නිලධාරීන් ඇතුලු කෘෂි බලධාරීන් ඊයේ කණ්ඩලම ගොවි ව්‍යාපාරයේ කුඹුරු විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම රෝගය අලුත් තත්ත්වයක් නොවන බවයි. මෙලෙස ව්‍යාප්ත වී ඇත්තේ කෙළ හකුලුවන දළඹුවන් බැවින් නිර්දේශිත පලිබෝධ නාශක මගින් රෝගය පාලනය කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?