වී ගොවිතැන ආශ්‍රිතව හඳුනා නොගත් පණු විශේෂයක් (වීඩියෝ)

දිවයිනේ ප්‍රදේශ රැසක වී ගොවිතැන ආශ්‍රිතව හඳුනා නොගත් පණු විශේෂයක් පැතිර ඇති බව ගොවීන් පවසනවා.

ගොවීන් ඉල්ලා සිටිනේ මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සාමාන්‍ය කොළ හකුළුවන දළඹු විශේෂයේ පැතිරීමක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

පොළොන්නරුව, අනුරාධපුර, කුරුණාගල සහ මහවැලි ප්‍රදේශවල වී ගොවිතැන ආශ්‍රිතව මෙම පණු රෝගය පැතිර යමින් ඇතැයි ගොවීන් පවසනවා.

රෝගය හේතුවෙන් වී වගාවට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.මෙම පණු විශේෂය ගොයම් පත්‍ර තුළ රැඳී සිටිමින් එහි යුෂ උරා බීම හේතුවෙන් ගොයම් ගසේ පත්‍ර සුදු පැහැ ගැන්වී විනාශ වනවා.

මෙම ගැටළුව පිළිබඳව සොයා බැලීම සඳහා බතලගොඩ වී පර්‍යේෂණ ආයතනයේ නිලධාරීන් ඇතුලු කෘෂි බලධාරීන් ඊයේ කණ්ඩලම ගොවි ව්‍යාපාරයේ කුඹුරු විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම රෝගය අලුත් තත්ත්වයක් නොවන බවයි. මෙලෙස ව්‍යාප්ත වී ඇත්තේ කෙළ හකුලුවන දළඹුවන් බැවින් නිර්දේශිත පලිබෝධ නාශක මගින් රෝගය පාලනය කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18