වී අලෙවි මණ්ඩලයේ වී තොග සහල් කර ලංකා සතොසට ලබාදෙයි

පසුගිය මස 22 වැනිදා පවත්වනු ලැබූ 34 වන ආහාර ප‍්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී රජය මඟින් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත්කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට නිර්දේශ කරනු ලැබ තිබුණා.

ඒ අනුව, එකී නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා; සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව,

  • වී අලෙවි මණ්ඩලය සතු වී තොගයෙන් වී මෙට්‍රික්ටොන් 30,000ක් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කිරීම
  • වී මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත් කර කිලෝග්‍රෑම් 5, කිලෝග්‍රෑම් 10, කිලෝග්‍රෑම් 25 සහ කිලෝග්‍රෑම් 50 ඇසුරුම් ලෙස සැපයීම සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින්, වී අලෙවි මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් වෙතින් අභිලාෂ කැඳවීම.
  • 2025-12-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වී අලෙවි මණ්ඩලය, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, සීමාසහිත ලංකා සතොස, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය යන ආයතනවල නිලධාරින්ගෙන් සමන්විතව පත් කරනු ලැබ ඇති මිල කමිටුව විසින් වී, සහල් බවට පරිවර්තන අනුපාතය සහ සහල් සඳහා සුදුසු මිල තීරණය කිරීම.
  • ඉහත පරිදි නිෂ්පාදනය කරනු ලබන සහල් සීමාසහිත ලංකා සතොස, සමූපකාර ජාලය සහ පුද්ගලික පාර්ශ්වයන් මඟින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට ද,

කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43