වී අලෙවි මණ්ඩලයට කෘෂි ඇමතිගෙන් උපදෙසක්

වී මෝල් හිමියන් වී තොග සහල් වශයෙන් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳ අධීක්ෂණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කරගනිමින් ඊයේ (12) දින සිට වෙළඳපොලට අවශ්‍ය වන පරිදි සහල් තොග නිකුත් කිරීම ආරම්භ කළ බවයි.

මෙම මාසයේ ඉදිරි දින කිහිපය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් 2400ක් සැපයීමට කෘෂිකර්ම අමත්‍යාංශය ඊයේ කටයුතු කළ බවයි වාර්තා වුණේ.

ඒ අනුව ඉන් සහල් මෙට්‍රික් ටොන් 500ක් සතොස වෙත ලබා දී තිබෙනවා.

රටට අවශ්‍ය තරම් සහල් නිපදවීමට අවශ්‍ය වී තොග රජය සහ පෞද්ගලික අංශය සතුව පවතින බැවින් සහල් හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52