වීසා කල් ඉකුත් ව තිබියදීත් මෙරට රැඳී සිටි බංගලි පිරිමි 34ක් අත්අඩංගුවට

සිය වීසා කාලය ඉක්මවා තිබියදීත්, නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් 34 දෙනෙකු ඊයේ (08) පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම විදෙස් ජාතිකයින් වයස අවුරුදු 19-54ත් අතර පසුවන බංග්ලාදේශ ජාතික පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරු කිහිපයක් මත පදනම් වෙමින් මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු කෙරුණා.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පිරිස වැලිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැඳවුම් මධ්‍යස්ථානයේ ‍රඳවා තබා සිටින අතර , ඔවුන් හැකි ඉක්මනින් බංග්ලාදේශය බලා පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනිමින් සිටින බවයි දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08