වීරකුමාර දිසානායක, රොජර් සෙනවිරත්න ඇතුළු 03 දෙනෙකු අත්අඩංගුවට ගන්න නියෝග

මහජනයාට හිරිහැර වන පරිදි සහ රථ වාහන වල ධාවනයට බාදා ඇති වන පරිදි කොළඹ බෞද්ධාලොක මාවතේ උද්ඝොෂනයක් සංවිධානය කළැයි කියන චොදනා වලට අදාළ නඩුවක් සම්බන්දයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන අය අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

2016 වර්ෂයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ ඇතුලු 07 දෙනෙකුට එරෙහි මෙම නඩුව කුරුදුවත්ත පොලීසිය විසින් ගොනු කර තිබුණා.

අමාත්‍ය මන්ත්‍රී විමල් වීරවංශ, වීරකුමාර දිසානායක , ජයන්ත සමරවීර , පියසිරි විජේනායක , රොජර් සෙනෙවිරත්න , මොහොමඩ් මුසාමිල් යන අය මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කර ඇත.

2016 වසරේ පෙබරවාරි මස 6 දා ජාතික නිදහස් පෙරමුණ පක්ෂය මගින් එක්ෂත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමිෂමේ සෙයිඩ් රාද් අල් හුසේන් කුමරුගෙ පැමිණීමට එරෙහිව මෙම පුද්ගලයින් මෙම උද්ඝොෂණය සංවිධානය කර ඇති බව පොලීසිය අධිකරනයට කරුණු ඉදිරිපත් කර ඇත. නිසි බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මාර්ග වල රථ ධාවනයට බාදා පමුණුවමින් මෙය සoවිධානය කර ඇති බවට පොලිසිය චොදනා කර සිටි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29