වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් – අගමැති හරිනි

සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතරම, වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) ආරම්භ වූ “PET EXPO 2026” ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර වීදි සතුන්ගේ සුරක්ෂිතභාවය හා සුභසාධනය වෙනුවෙන් සමාජය දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශන භූමියේ වෙන් කර තිබූ “ආලෝකා” ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යතුමිය කටයුතු කළා.

එහිදී වීදි බලු පැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම්කරුවෙකු වෙත නිල වශයෙන් භාර දෙමින් අග්‍රාමාත්‍යතුමිය විසින් එම කුටියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

”ශ්‍රී ලංකාව තුළ පශු වෛද්‍ය සේවාව ඉදිරි දැක්මක් සහිතව දියුණුවෙමින් පැවතීම පිළිබඳව මම සතුටු වෙනවා. පන්සල් වැනි පොදු ස්ථානවල කුඩා සුනඛ සහ බළල් පැටවුන් දමායාම රටේ වැරදි පුරුද්දක් වෙලා තිබෙනවා, වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි.”

එමෙන්ම සත්ව සුභසාධනය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමට හැකි වී තිබීම තුළින්, සතුන්ගේ ජීවිත යහපත් කිරීම පිණිස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබෙන බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා.

මෑතකදී ලෝකයේ ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී ලංකාවේ දියණියක සහ ඉත්තෑවකු අතර ඇති වූ සුවිශේෂී සත්ව සබැඳියාව සිහිපත් කරමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, සුරතල් සතුන් සහ දරුවන් අතර පවතින සබඳතාවය දරුවන්ගේ ජීවිතවලට අතිශය වැදගත් වන බවයි. සතුන් සමඟ ජීවත්වීම තුළින් දරුවන්ගේ ජීවිතවලට සහකම්පනය, ආදරය සහ කරුණාව වැනි ගුණාංග ප්‍රායෝගිකව එක් කරගත හැකි බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුරතල් සත්ව පශු වෛද්‍ය සංගමයේ සභාපති පශු වෛද්‍ය නුවන් වික්‍රමසිංහ ඇතුළු සාමාජිකයින් ද, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්ද්‍රික, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශාල පිරිසක් සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34