විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා 26කට කොවිඩ්

වාද්දූව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 නමකට සහ ගිහියන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

විහාරස්ථානයේ වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා කිහිපනමකට ඇති වු රෝගී තත්ත්වයක් මත ජූනි 28 වන දා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ස්වාමීන් වහන්සේලා පස්දෙනෙකුට හා ගිහි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඉන් අනතුරුව එම විහාරස්ථානයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ 83ක දී ස්වාමීන් වහන්සේලා 21නමකට සහ ගිහි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් වැළඳී ඇතැයි අනාවරණය වී ඇත.

කොරෝනා ආසාදිත ස්වාමින් වහන්සේලා අතර විහාරාධිපති හිමියන්, පැවිදි වීමට සිටි කුඩා දරුවෙක්, විහාරස්ථානයේ සිටි ගිහි පුද්ගලයෙක් හා ගුරුවරුන් දෙදෙනෙක් ද සිටින බව අප වාර්තාකරු පැවසීය.

වාද්දූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, කොරෝනා ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිනි පුද්ගලයින් ඊයේ (29) රාත්‍රියේ ම ශ්‍රී ලංකා යුද හමුදා බස්රථයකින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55