විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පිතිකරුවන් අතර පැතුම්ගෙන් ලොකු පිම්මක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර විස්සයි විස්ස පිතිකරුවන් නවතම ශ්‍රේණිගත කිරීම්වල මුල් පිතිකරුවන් පස්දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට හැකිව තිබෙනවා.

ඒ, අනුව ඔහු ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් මේ වනවිට විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ රැඳී සිටිනවා.

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දැක්වූ දක්ෂතා මත ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ අතර විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා රැඳී සිටින අතර, දෙවන තැන එංගලන්තයේ ෆිල් සෝල්ට් පසුවනවා.

මෙහි තුන්වන සහ සිව්වන තැන පිළිවෙලින් ඉන්දීය ක්‍රීඩක තිලක් වර්මා සහ එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්