විස්කි බෝතල් නිසා ගුවන්සේවා ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්ට වැඩ වරදියි (වීඩියෝ)

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් සේවා කාර්‍යය මණ්ඩලයට අයත් ඉහළ නිලධාරියෙකු විසින් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් තොගයක් සූක්ෂ්මව ගුවන්තොටෙන් පිටත් කිරීමට සූදානම් වීමේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම සිදුවීමට අදාළ දර්ශන පෙළක් ද මේ වනවිට මාධ්‍යය වෙත නිකුත් වී අවසන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් දැනුම්වත් කෙරුණු අතර ඉන් පසුව පොලිසියෙන් පැමිණ ගුවන් සේවා නිලධාරීන්ගේ ද සහායෙන් අදාළ සැකකාර නිලධාරියාගේ මෝටර් රථය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී නොපෙනෙන ලෙස රෙදිකඩවලින් ඔතා ආවරණය කර තිබූ විස්කි බෝතල් 15කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු මෙන් ම විනය ක්‍රියාමාර්ගයක් ද ගුවන් සේවා නිලධාරියාට එරෙහිව සිදු කිරීමට නියමිතව තිබෙනවා.