විසඳුම් නොදුන්නොත් ක්ෂණික ව අපි අද තීරණයක් ගන්නවා – දුම්රිය සේවකයින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (14) පස්වරු 2.00ට පෙර සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ එකම සේවා ගණයට අයත්ව සිටි ශ්‍රේණිවලින් දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණිය පමණක් සිතාමතාම මගහැර සෙසු ශ්‍රේණි සඳහා වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම මගින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය නිරවුල් කරගැනීම සඳහා අවස්ථා ගණනාවක දී බලධාරීන් සමග සාකච්ඡා කළ ද එහිදී ලබාදුන් එකඟතා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21