විෂ හතු ආහාරය සකස් කළ කාන්තාව අත්අඩංගුවට

පුද්ගලයන් 03 දෙනෙකුට ජීවිත අහිමි කළ විෂ සහිත හතු ආහාරය සකස් කල කාන්තාව නැගෙනහිර වික්ටෝරියා හිදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි 29වැනිදා ඇය විසින් සකස් කරනු ලැබූ දිවා ආහාරය භාවිතයට ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ ගිප්ස්ලන්ඩ් හිදී පුද්ගලයන් 03 දෙනෙකු මරණයට පත් වුණා.

අත්අඩංගුවට ගත් 49 හැවිරිදි කාන්තාවගේ නිවස ද ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අත්අඩංගුවට ගනු ලැබුව ද ඇයට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනා ගොණු කිරීමක් සිදුවී නැහැ.

මෙම හතු ආහාරය අනුභාවයෙන් මරණයට පත්වූයේ 66 හැවිරිදි කාන්තාවක්, ඇයගේ සහෝදරිය වන 70 හැවිරිදි කාන්තාවක සහ එම සහෝදරියගේ සැමියා වන 70 හැවිරිදි අයෙක්.

පැටර්සන් නම් මෙම කාන්තාව පවසන්නේ තමා නිර්දෝෂී බවයි.

ජූලි 29 වන දින වික්ටෝරියා නගරයේ පිහිටි ඇගේ නිවසේ පැවති පවුලේ දිවා භෝජන සංග්‍රහයේදී ඇය හිතාමතාම තම අමුත්තන්ට වස නොදුන් බව ඇය පවසා තිබෙනවා.

මෙම කාන්තාවගේ හිටපු සැමියා වන සයිමන් පැටර්සන්ට ද එම භෝජන සංග්‍රහයට ආරාධනා කර තිබූ නමුත් ඔහුට ඊට සහභාගී වීමට හැකිවී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2021 සහ 2022 අතර කාලයේ ඇය ලබා දුන් ආහාර ගැනීමෙන් පසු තවත් පිරිසක් රෝගී වීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ලවී ඇති බවයි.

  1. MUHUNA DAKKAMA PENAWA DARUNU KAMA. EYA MEKA PLAN KARALAMA KARALA THIYENNE. KELIN MA WASA DENNA BAHE. WAKRAWA NODANNA GANATA MEHEMA DENNA HAKIYI. EKEN EYATA BERENNA HAKIYI. HITAPU MINIHATATH ENNA KIYUWE ADARAYA NISA WENNA BAHANE. WENUNATA THARAHAK THIYENAWA. ME MARUNA AYA EKKA MEYAGE MONAWA HO THARAHAK ATHI. ME KEMA MEYA KEWE NAHANE. HITAPU MINIHA UNATH MEYAGE HATI DANNA NISA SEKA HITHILA THAMAYI NOENNA ATHTHE.