විෂ සහිත ආහාර අනුභව කිරීමෙන් පුද්ගලයින් 81ක් රෝගාතුර වෙයි

බිහාර් ප්‍රාන්තයේ බෙට්ටියා සහ නවදා දිස්ත්‍රික්කවල පුද්ගලයන් 81 දෙනෙකු විෂ සහිත ආහාර අනුභව කිරීමෙන් පසු රෝගාතුර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

NDTV පුවත් සේවය වාර්තා කරන්නේ; රෝගාතුර වූවන් අතර ළමුන් 11ක් සහ කාන්තාවක් සිටින බවයි.

එම ආහාර අනුභව කිරීමෙන් පසුව බොහෝ දෙනෙකුට වමනය, හිසරදය සහ බඩේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති වී තිබෙනවා.