spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විෂ මත්ද්‍රව්‍ය වැටලීම්වල දී පුද්ගලයින් 524ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ වූ මෙහෙයුමට සමගාමීව ඊයේ (14) දින සිදුකල වැටලීම් 540කට අදාලව සැකකරුවන් 524ක් හා සැකකාරියන් 11ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු වැඩිදුර විමර්ශන සඳහා රදවාගෙන තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට අපේක්ෂිතව ඇති අතර, සැකකරුවන් 03ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබුණා.

මෙම මෙහෙයුමේ දී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 88ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 48ක්, ගංජා ග්‍රෑම් 167ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුළ සිදුකළ මුළු වැටලීම් 310 දී සැකකරුවන් 302ක් හා සැකකාරියන් 08ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

දකුණු පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 13ක්, ගංජා ග්‍රෑම් 532ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුළ සිදුකළ මුළු වැටලීම් 46කදී සැකකරුවන් 45ක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබුණා.

වැටලීම්වලට අදාල විශේෂිත සංඛා තොරතුරු පහතින්,

image 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?