විෂ්ණු දෙවිඳුන්ට පළඳා තිබූ මුදල් නෝට්ටු මාලය සොරාගත් අය සොයා විමර්ශන

මහනුවර ඓතිහාසික නිත්තවෙල පත්තිනි දේවාලය වැඳ පුදා ගැනීමට අද (25) පෙරවරුවේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු දේවාලයෙහි විෂ්ණු දේව ප්‍රතිමාවට පූජා කර, පළඳවා තිබූ මුදල් නෝට්ටු මාලයක් සොරාගෙන ගොස් ඇතැයි එහි භාරකාර මණ්ඩලය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ දේවාලයෙහි ප්‍රධාන පූසාරීවරයා සිය දේවාලයේ විෂ්ණු දේව ප්‍රතිමාවේ පලඳවා තිබූ අදාළ මුදල් නෝට්ටු මාලය නොමැති බව දැක ඒ පිළිබඳ ව දේවාලයෙහි භාරකාර මණ්ඩලයට දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

පසුව එම දේවාලයේ භාරකාර මණ්ඩල සාමාජිකයින් CCTV දර්ශන පරීක්ෂා කිරීමේ දී අද උදෑසන එම මුදල් නෝට්ටු සහිත මාලය කිසියම් දෙදෙනකු විසින් සොරාගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

සොරකම සිදුකළ පුද්ගලයන් දෙදෙනා දේවාලයෙහි ප්‍රධාන පූසාරීවරයාගෙන් තමන් දෙදෙනාට අත්‍යවශ්‍ය කරුණකට මහනුවරට යාමට අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් නොමැති බවත් පවසා ඔහුගෙන් තවත් රුපියල් දෙසීයක් ද ඉල්ලා ගෙන ගොස් ඇති බවත් හෙළි ව ඇති බවයි පැවසෙන්නෙ.

දේවාලයෙහි භාරකාර මණ්ඩලය ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය ද දැනුම්වත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය ද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මෙතෙක් සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26