විෂය භාර ඇමති ගුවන් තොටුපලේ හදිසි නිරීක්ෂණයක

කටුනායක ගුවන්තොටුපොළේ පහසුකම් වැඩිකිරීම පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද එහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

නවීන තාක්ෂණය යොදා ගනිමින් ගුවන්තොටුපොළ කටයුතු තවත් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

එළඹ ඇති සංචාරක සමයත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ද ඉහළ අගයක් ගැනීම හේතුවෙන් පැමිණීමේ පර්යන්තය තුළ මගීන්ගේ තදබදයක් ඇතිව තිබෙන බැවින් එහි පවතින ඉඩකඩ කළමනාකරණය කරමින් උපරිම පහසුකම් සැලසීමටයි ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය කටයුතු කර ඇත්තේ.

ඒ අනුව පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කවුලු 25 ක් දක්වා වැඩි කිරිමටත් රටට පැමිණ වීසා ලබා ගැනීම සඳහා පැවති කවුලු දෙකට අමතරව නව කවුලු දෙකක් ස්ථාපිත කිරීමටත් රේගු කටයුතු සඳහා ඉඩ ප්‍රමාණය වැඩි කිරීමටත් තීරණය කර තිබෙනවා.

පැමිණීමේ පර්යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය ඉඩකඩ ඇති ස්ථානයක ස්ථානගත කිරීම තුළින් සංචාරක මගීන්ට පැවති අවහිරතා ද මගහැරී ඇති අතර විවේකාගාර පහසුකම්ද වැඩිකර ඇති බවයි එහිදී අනාවරණය වුණේ.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ගුවන්තොටුපොළ තුළ ආරක්ෂක තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ සහ අදාළ බලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක ද අමාත්‍යවරයා නිරත වුණා.

2024 වන විට ගුවන්තොටුපොළ තුළ වීසා ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04