spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස්පෙළ විෂයන් 11ක පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද සිට

උසස්පෙළ පිළිතුරු පත්‍ ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව මධ්‍යස්ථාන 32කදී මෙම ඇගයීම් කටයුතු ආරම්භකරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

විෂයන් 05ක ඇගයීම් කටයුතු මේවනවිට අවසන් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 100ට ආසන්න සංඛ්‍යාවක දී ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

ඇගයීම් කටයුතු අවසන් කළ පිළිතුරු පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට ගෙන ඒමට පියවර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?