පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළ ඊයේ (14) දිනයේ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (14) දිනයේ දී පොලිසිය විසින් පුද්ගලයන් 26,346ක් පරික්ෂාවට ලක්කර ඇති අතර ඒ අතරින් පුද්ගලයන් 458ක් ගෙන ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා.
එමෙන්ම එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 458 දෙනා අතරින් 18 දෙනෙක් අපරාධවලට ඍජුව සම්බන්ධ බවට ද පොලිසිය අනාවරණය කර තිබෙනවා.
එමෙන්ම පොලිසිය විසින් ඊයේ (14) දිනයේ සිදු කරනු ලැබූ මෙම මෙහෙයුම්වලදී බිමත් රියදුරන් 55 දෙනෙක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පොලීසිය විසින් නිකුත් කර තිබෙන සම්පූර්ණ වාර්තාව පහතින්,













