විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම 10 වනදා

පාර්ලිමේන්තුව පෙබරවාරි 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ පසුගිය ජනවාරි 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පෙබරවාරි 10 දින සිදුකෙරේ.

මේ අතර පෙබරවාරි 11වන සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට වෙන්කර ඇත.

පෙබරවාරි 8 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග ද්විත්වයක් සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට නියමිතය. 

එදින ආණ්ඩුවේ කටයුතුවලින් අනතුරුව ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

පෙබරවාරි 9 වැනිදා ප.ව 11.00 සිට ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) යන පනත් කෙටුම්පත් (දෙවැනිවර කියවීම්) විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.

පෙබරවාරි 10 වැනිදා පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන), විශේෂ භාණ්ඩ හා සේවා බදු, එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් (දෙවැනිවර කියවීම්) ද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද විවාදයට ගැනීමට නියමිතව තිබේ.  

පෙබරවාරි 08 වැනිදා  සිට 10 වැනිදා දක්වා සෑම දිනකම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40