විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද සවස

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) පැවැත්වෙනවා.

අද (16) පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

මෙම රැස්වීමේ දී හෙට (17) රැස්වන පාර්ලිමේන්තු රැස්වීමට අදාළව න්‍යාය පත්‍රයේ සිදුවන සශෝධන කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ කතානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙක් පත්කර ගැනීම හෙට (17) දිනයේ දී සිදු කෙරෙනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් නියෝජ්‍ය කතානායවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව නව කතානායකවරයා පත්කර ගැනීම සිදුකරන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහනධීර සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්