විශේෂ කාර්ය බලකා නිලධාරීන් මහා පරිමාණයෙන් කේරළ ගංජා තොග වශයෙන් අත්අඩංගුවට ගනී

ගෝනහේන, අම්බලන්තොට, බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය, අම්බලන්තොට කඳවුරේ පොලිස් පරීක්ෂක ගයාන් පෙරේරා, බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් 2021.10.22 වන දින ආදුරුප්පු වීදිය පොලිස් වසමේ අංක 142/35/වී, ජින්තුපිටිය, ආදුරුප්පු වීදිය ලිපිනයේ දී, කුට්ටිගල පොලිස් වසමේ අංක 1692, උළු කම්හල අසල, කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ දී සහ මිහිජය සෙවන පොලිස් වසමේ මෝදර, හේනමුල්ල මහල් නිවාස ඉදිරිපිට දී වැටලීම් සිදුකර ඇත.
එහි දී පැය 2330, පැය 1830, පැය 1815 සහ පැය 1825 ට කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු සහ ඒ සඳහා අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආදුරුප්පු වීදිය, කුට්ටිගල සහ මිහිජය සෙවන පොලිස් ස්ථාන වෙත වයස අවුරුදු 33, 40, 46, 49 කාණ්ඩ වල පුද්ගලයින් භාර දී ඇත.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා :- කේරළ ගංජා කිලෝ 09, ග්‍රෑම් 172 යි. අත්අඩංගුවට ගත් කේරළ ගංජා වල වටනාකම රුපියල් ලක්ෂ 12 කට අධිකවෙි



අපගේ නවතම වීඩියෝ පුවත්