spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවකට අතවර කළ තරුණයෙකු අත්අඩංගුවට

ගලෙන්බිඳුණුවැව 21 ජනපදය ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 45 ක් පමණ වයසැති කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි 23 හැවිරිදි තරුණයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම කාන්තාව සැමියා නොමැතිව තනිවම නිවසේ සිටි අවස්ථාවේදී සැකකරු නිවස පිටුපසින් මුලුතැන්ගෙයට පැමිණ ලිංගික අතවර කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?