විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක්

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කටයුතු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා පත්කළ කමිටුවේ සභාපති ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනත් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය අර්ජුන තිලකරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය සමිද්ධි සමරකෝන්, නීති නිලධාරී වෛද්‍ය චාමින්දිකා හේරත් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කටයුතු කර තිබෙනවා.

2026 ජනවාරි 20 වන දිනට පෙර සේවා ව්‍යවස්ථා කෙටුම්පත සකස්කර ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් මෙම කමිටුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28