විශේෂඥයින් ගෙන් අනතුරු ඇඟවීමක්

ලංකාව තුළ ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය ඉදිරි සති කීපය ඇතුළත දී විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බවට විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඔමික්‍රෝන් වෛරසයේ ඇතිරීමත් සමඟ ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී තිබෙන බැවින් හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න ලෙස ඔවුන් සඳහන් කරයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් හොඳ ආරක්ෂාවකට බූස්ටර් මාත්‍රාව අත්‍යවශ්‍යයි යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ….
“අප රට තුළ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන යළිත් වතාවක් ඉහළ යමින් පවත්නා බවත්, පැතිරෙමින් පවතින ප්‍රධාන ප්‍රබේධය බවට ඩෙල්ටා ඉක්මවමින් ඔමික්‍රෝන් පත්වෙමින් ඇති බව දැනටමත් ඔබ දන්නවා ඇති. පෙර පැවති ප්‍රබේධ ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත් අසාධ්‍යවීම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍රා දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නවා. එනමුත්, ඔමික්‍රෝන් ආගමනයත් සමඟ අප ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී තිබෙනවා.

Harvard, MIT, Ragon Institute සහ MGH ආයතන මගින් Cell නැමැති ලොව ඉහළ පෙළේ විද්‍යා සඟරාවක පළ කරන ලද පර්යේෂණයක දත්ත වාර්ථා වලට අනුව ලොව පුරා ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන කොරෝනා ආසාදන වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන එන්නත් මාත්‍රා දෙකෙන් පමණක් සැලකිය යුතු ආරක්ෂාවක් නොලැබෙන බවත් තුන්වෙනි “බූස්ටර්” මාත්‍රාවක් ලබා ගැනීමත් සමග මෙම ආරක්ෂාව ඉතා ඉහළ අගයකට යන බවත් සොයාගෙන තිබෙනවා.

මේ සඳහා හේතුව ලෙස අනුමාන කරනුයේ මෙම නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ‘ස්පයික් ප්‍රෝටීන’ කොටසේ සිදුවී ඇති විකෘතිතා ගණන මීට ප්‍රථමව හඳුනාගත් ප්‍රභේද වලට වඩා ඉතා වැඩි බැවින් එන්නත් මාත්‍රා දෙකකින් පමණක් ජනනය වන ප්‍රතිදේහ වලට මෙම ප්‍රෝටීන කොටස හා සම්බන්ධ වී වෛරසය නිෂේධනය කිරීමේ කාර්යක්ෂමතාවය අඩු වීම යි. නමුත් තුන්වන මාත්‍රාවකින් පසුව ජනනය වන ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත් වැඩි නිසාත් එහි කාර්යක්ෂමතාවය ද වැඩි බැවින් එමගින් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවට තවදුරටත් ​​තහවුරු වී තිබෙනවා.

ලොව බොහෝ රටවල් තම තමාගේ ජනගහනය හැකි ඉක්මනින් එන්නත් කිරීමට උත්සුක වන මේ අවස්ථාවේදී ලංකාව තුල බූස්ටර් මාත්‍රාව සියලු දෙනාටම ලබාදීම සඳහා ඇති පමණ එන්න තිබීම අප සියලු දෙනාම සතුටට පත්විය යුතු කාරණාවක්.

ලංකාව තුළ ද ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය ඉදිරි සති කීපය ඇතුළත දී ලංකාව තුළ විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බව විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇති තිබෙන මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට හැකි ඉක්මනින් ඔබට ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමුවන ලෙසටයි. ඉතා පටු අරමුණුවලින් පතුරුවාහැරෙන මිත්‍යාමතවලට නොරැවටී , ඇතැම් අයට පමණක් ඇතිවන සහ එසේ වුවත් දින කිහිපයකින් අවසන්වන සුලු අතුරු ආබාධ පිළිබඳව නිවැරදි දැනුම සහිත ඔබ තව දුරටත් තුන්වන මාත්‍රාව ප්‍රමාද නොකරනු ඇතැයි අප විශ්වාස කරනවා.

මෙය ඔබගේ ආරක්ෂාවට පමණක් නොව බාධාවකින් තොරව අපගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමටත්, රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව කරගෙන යෑමටත් මේ මොහොතේ අපට ලබාදිය හැකියි හොඳම සහයෝගය වනවා නොඅනුමානයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06