විශාල අනතුරක් වලක්වා ජිවිත රැසක් බේරාගත් ලාංකිකයෙක්ට මුදල් ත්‍යාගයක් (ඡායාරූප)

සිය අවධානය හේතුවෙන් ගින්නක් නිසා ඇතිවිමට ගිය විශාල අනතුරක් වලක්වා ජිවිත රැසක් බේරාගැනිමට කටයුතු කල ශ්‍රි ලාංකික සේවකයෙකුට මුදල් ත්‍යාගයක් සමගින් උපහාර දැක්වු පුවතක් පසුගියදා කොරියානු මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස උපහාරයට පාත්‍ර වුයේ කොරියාවේ උල්සාන් නුවර සේවය කරන ගාල්ලේ පදිංචි මොහොමඩ් නිෆාල් නැමති තරුණයෙක්.

ඉකුත් පෙබරවාරි 26 වන දින කොරියාවේ උල්සාන් නුවර ග්ලෝබල් හවුස් හි මහල් පහකින් යුත් සේවක නේවාසිකාගාරයේ දෙවන මහලේ රැඳී සිටි මෙම තරුණයා තුන්වන මහලේ දුමක් දැක ඒ සම්බන්ධයෙන් සොයා බැලිමෙදි ගින්නක් හටගෙන ඇති බව දැක පසුව සමාගමේ බලධාරීන් සහ ගිනි නිවන අංශ වහාම දැනුවත් කර රාත්‍රි සේවා මුරයට යෑමට පෙර එහි නිදා සිටි සේවකයින් පිරිස ඇහරවා ඔවුන් බේරාගැනීමට කටයුතු කර තිබෙන බව එම වාර්තා සඳහන් කළා.

ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, උස්බෙකිස්තානය, පකිස්ථානය සහ පිලිපිනය යන රටවල්වල සේවකයන් පිරිසක් එහි රැඳි සිට තිබෙනවා.

පසුව ගිනි නිවන රථ කඩිනමින් පැමිණ ගින්න පැතිරයාම වලක්වා විනාඩි 30ක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට සමත් ව තිබෙනවා.

ගින්න හටගත් කොටසේ තිබු සියලුම දේවල් විනාශයට පත්ව තිබුණා.

“ගොඩනැගිල්ලේ දුම් පිරි ඇති බව දුටු තමා බියට පත් වූ බවත්, නමුත් ඒ මොහතේ තම සහෝදර සේවකයින්ගේ ජිවිත බේරාගැනිම සදහා කටයුතු කල බව මොහොමඩ් නිෆාල් එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Image 2024 03 11 at 19.47.47
WhatsApp Image 2024 03 11 at 19.47.46
WhatsApp Image 2024 03 11 at 19.47.44
WhatsApp Image 2024 03 11 at 19.47.43
WhatsApp Image 2024 03 11 at 19.47.42 1
WhatsApp Image 2024 03 11 at 19.47.42
WhatsApp Image 2024 03 11 at 19.47.41
WhatsApp Image 2024 03 11 at 19.47.39
WhatsApp Image 2024 03 11 at 19.47.37 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14