විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද කෙටි පණිවුඩ මගින්

පසුගියදා නිකුත් කෙරුණු උසස්පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද (01) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වි‍ශේෂ ප්‍රකාශයක් කරමිනුයි මේ බව සඳහන් කළේ.

අදාළ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියා.

මීට පෙර අවස්ථාවලදී මේ සඳහා විශාල කාලයක් ගත වුව ද මෙවර සති 06ක් වැනි කාලයකදී ප්‍රතිඵල ලබා දීමට හැකි වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රත්පාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳ අද (01) දිනයේ කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බවයි.

මේ අතර අද උදෑසන නිකුත් කළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානයට මහනුවර මහාමායා විද්‍යාලයේ සිසුවියක් පත්වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙවර ප්‍රතිඵල අනුව සිසු සිසුවියන් 13,588ක් A නවය බැගින් ලබාගෙන ඇති බවයි.

විභාගය සඳහා මුහුණදුන් අපේක්ෂකයින්ගෙන් 72.07%ක් අපොස උසස්පෙළ සඳහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51