spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද කෙටි පණිවුඩ මගින්

පසුගියදා නිකුත් කෙරුණු උසස්පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද (01) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වි‍ශේෂ ප්‍රකාශයක් කරමිනුයි මේ බව සඳහන් කළේ.

අදාළ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියා.

මීට පෙර අවස්ථාවලදී මේ සඳහා විශාල කාලයක් ගත වුව ද මෙවර සති 06ක් වැනි කාලයකදී ප්‍රතිඵල ලබා දීමට හැකි වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රත්පාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳ අද (01) දිනයේ කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බවයි.

මේ අතර අද උදෑසන නිකුත් කළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානයට මහනුවර මහාමායා විද්‍යාලයේ සිසුවියක් පත්වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙවර ප්‍රතිඵල අනුව සිසු සිසුවියන් 13,588ක් A නවය බැගින් ලබාගෙන ඇති බවයි.

විභාගය සඳහා මුහුණදුන් අපේක්ෂකයින්ගෙන් 72.07%ක් අපොස උසස්පෙළ සඳහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?