විශ්ව රූ රැජින ඇන්ඩ්‍රිනාටත් කටකතා හදයි – විවාහකයි යැයි කියා කිරුළත් ගලවන්න හදයි

පසුගිය 16 වැනිදා විශ්ව රූ රැජින බවට පත්වූ මෙක්සිකෝ ජාතික 26 හැවිරිදි ඇන්ඩ්‍රිනා මෙසා හටත් කිරුළ ගැලවී යාමේ අවදානමක් ඇතිව තිබේ.ෙ

ඒ ඇය විසින් එම තරඟාවලියේ නීති කඩ කර ඇති බවට චෝදනා එල්ල වීමත් සමඟයි.

විශ්ව රූ රැජින තරඟාවලියේ පසුව ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධම තරුණියක් වන්නට ඇන්ඩ්‍රිනාටත් හැකිවන අතර එම හේතුවෙන් විශාල පිරිසක් ඇයගේ සමාජ මාධ්‍ය ගිනුම් තුළට පිවිසි ඇත.

මෙලෙස පිවිසුණු පිරිස හට ඇය විසින් විශ්ව රූ රැජින ලෙස සහභාගී වීමට තිබූ මුලික සුදුසුකම වන අවිවාහක බව යන නීතිය කඩා ඇති බවට සොයා ගැනීමට හැකිව තිබේ.

එහිදී මෙම පිරිස හට ඇන්ඩ්‍රිනා මෙසා මනාලියක් ලෙස සැරසී තරුණයෙකු සමඟ කඳු මුදුනක සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් සොයා ගැනීමට හැකියාව ලැබි තිබුණි.‍

එම ඡායාරූපයේ සටහන ලෙස මුද්දක සංකේතයක් (Emoji) සමඟ 2019.03.09 යන දිනය සටහන් කර තිබුණු අතර එය දුටු බොහෝ දෙනා ඇය විවාහක කාන්තාවක් බවට චෝදනා කිරීමට පටන් ගෙන තිබුණි

adrena

විවාහ වුණා යැයි පිරිස චෝදනා කරනු ලබන සටහන

විශ්ව රූ රැජින තරඟාවලියේ ප්‍රධාන නීතියක් ලෙස එම තරඟාවලියට සහභාගී වන සියලු දෙනාම අවිවාහක තරුණියන් විය යුතු බවට සඳහන්ව තිබේ.

නමුත් ඇඩ්‍රිනා විසින් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණේ සිනහා මුසු මුහුණෙනි. ඇය මෙක්සිකෝවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා තිබුණි.

එම සංචාරක ප්‍රවර්ධන කටයුත්තේ එක් පියවරක් ලෙස ලබාගත් ඡායාරූපයක් තමන්ගේ විවාහය ලෙස හුවා දැක්වීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව ඇඩ්‍රිනා පවසා තිබුණු අතර විවාහ ඡායාරූපයන් සඳහා මෙක්සිකෝව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම ව්‍යාජ විවාහ ඡායාරූපය ගත් බව ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

ඇයත් සමඟ එම ඡායාරූපයේ සිටින තරුණයා තමන්ගේ හොඳම යාළුවාගේ බාල සහෝදරයා බවත් ඇයට වඩා එම තරුණයා වයසින් බාල බවත් ඇඩ්‍රිනා විසින් තමන්ට එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් පවසා තිබුණි.

68948191 2416716901947239 1099326839408229520 n edited

ආන්දෝලනයට තුඩුදුන් ඡායාරූපය

සෑම අවස්ථාවක මෙවැනි තරඟාවලියකින් ජයග්‍රහණය කළ විට මෙවැනි කටකතා පැතිර වීම සාමාන්‍ය දෙයක් බවත් එවැනි කටකතා අතරින් තමන් ඇසූ නරකම කටකතාව මෙය බවත් ඇඩ්‍රිනා විසින් සඳහන් කළාය.

තමන් මෙම කටකතා හෝ චෝදනා ගණන් නොගන්නා බවට පවසන ඇඩ්‍රිනා මෙසා සඳහන් කර සිටියේ විශ්ව රූ රැජින ලෙස තමන්ට පැවරී ඇති රාජකාරී කිරීම සඳහා තමන් කටයුතු කරමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40